Friday, January 27, 2023

කලින් ලිපිය

යාළුලා, මං ඔහෙලට මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේත් විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා සංසාරගත සත්වයන්ගේ 'මනස' කියන ආයතන වල නැත්නම් 'වින් - නාම mechanisms' වල මුළු operation එකම cover වෙන විදියට කරපු 'සිරා විග්‍රහයක්'... තරමක හතරබීරි කතාවක්... 😁😄 තියන බව කියලා, ඒක ඔහෙලට තෝරලා දෙන්නම් කියලා කළින් post එකේදි කිව්වා. ☺️ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - නිවන් යන්න / පිරිණිවන්පාන්න, විශේෂයෙන් මේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති කාලෙ නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ කතාව දැනගත යුතුමයි වගේම, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එවුන් නැති / අන්තිම දුර්ලභ එකට හේතුව... ආලවක යක්ෂයා "කථං සු ලභතේ පඤ්ඤං?" කියලා අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ, "ඉතාමත් ශ්‍රද්ධාවෙන් ධර්මය අහල කියවලා දැනගෙන ණුවනින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා!!" කිව්ව එකේ තේරුම, එහෙම වෙන්නෙ කොහොමද?? කියන එක... ඒ බුදුහාමුදුරුවෝ කියපු විදියටම ධර්මය අවබෝධ කරගන්න නම් තමන්ට තියෙන්නම ඕනෙ 'පදනම' මොකද්ද?? කියන එක... එහෙම කරලා මුළු විශ්වයම අවබෝධ කරගත්තාම කොහොමද?? කොයි වගේද?? කියන එක... හා තව ධර්ම මාතෘකාවෙ තියන - මේ අපේ ජීවිත වල සිද්ධවෙන ගොඩක් දේවල් ගැනත් ඒ කතාවෙ තියනවා!!! ඒ කතාව කියන්න ගියාම කියවෙනවා / පැහැදිළි කෙරෙනවා!!! 😌😌 ඒ නිසා අපි අද ඒ 'හතර බීරි කතාව' ගැන බලමු. 😊 🙂🙂 ඒකෙදි සාරිපුත්ත මහරහතන්වහන්සේ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!!" කියලා මුලින්ම කියන්නෙ බොළල්ලා, මගේ භාසාවෙන් කිව්වොත්, 😁 බොළාට හැම දෙයක්ම දැනෙන්නෙ - තේරෙන්නෙ - sense වෙන්නේ විද්‍යුත්චුම්බක ශක්තියේ (ක්‍ෂේත්‍රයේ) වෙනස්වීම් මගින්ය කියන එක බොළා ඉස්සෙල්ලම දැනගෙන හිටපල්ලා!!! කියන එකයි. 😁😁 උඹල ඒක නිකං දැනගෙන හිටපල්ල. 😊 මොකද ඒකෙ බොළාට 'කොරන්න' මොකවත් නෑ!!! !!! !!! සංසාරගත සත්වයන්ගෙන් ඕනෙම සත්වයෙකුට හැම දෙයක්ම.. රූප / සද්ද / ගන්ධ / රස / ස්පර්ෂ හා අරමුණු ඕනෙම එකක්.. දැනෙන්නෙ - තේරෙන්නෙ - sense වෙන්නේ ඒ විදියට උන්ගෙ 'මනස' කියන ආයතන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල ඇතිවන වෙනස්කම් / field variations මගින් තමයි!!! !!! !!! ඒ තමයි ස්වභාවය!!! ඒ තමයි සංසාරගත සත්වයන් හැදිල තියන හැටි!!! මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෙක්.. නැත්නම් 'කෙනෙක්' ඒ field variations දැනෙන sensitivity එක maximize කරගත්තොත්, 'විඥාණඞචායතනය' වැඩුවොත් / 'අනන්ත වූ විඥාණය' කියන හැකියාව දියුණු කරගත්තොත්, එයාට විශ්වයේ ඕනෙම අස්සක මුල්ලක සිද්ධවෙන field variation එකක් දැනගන්න පුළුවන්!!! Maximize කරගන්නම බැරිවුණත් මේ ලෝකය cover වෙන තරමට වත් දියුණු කරගත්තොත්, 'ආකාසාණඞචායතනය' වත් වැඩුවොත්, මේ ලෝකෙ අස්සෙ සිද්ධවෙන ඕනෙම field variation එකක් sense කරන්න පුළුවන්!!! අහස් සීමාව වෙනකම් ඉන්න තරමක් ඕනෙම සත්වයෙක් අහන - දකින - විඳින - හිතන දෙයක් දැනගන්න පුළුවන්!!! හැබැයි ඔව්ව වැඩකරන්නෙ නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලවලදි විතරයි!!! !!! !!! 😝😄 අනික ඔතන 'අවබෝධ කරගන්න' කියන්නෙත් නිකම්ම නිකම් 'දැනගන්න' කියන එකටම තමයි!!! !!! !!! 😁 'වෙනස' තියෙන්නෙ ඒ දැනගැනිල්ල ඇහෙන් පාට - හැඩය දැනගන්න විදියට.. කණෙන් සද්ද දැනගන්න විදියට.. නහයෙන් ගඳ සුවඳ දැනගන්න විදියට.. ~ නිරායාසයෙන් දැනගන්න කාටවත් බෑ!!! !!! !!! 'ධර්මය' කියන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් උන්වහන්සේ සතු සුවිශේෂී හැකියාවල් වළින් හා උන්වහන්සේගේ විශිෂ්ඨ ඥාණයෙන් ස්වභාවධර්මය analyze කර කර බලලා දෙවි මිනිසුන්ට කියල දීල තියන කරුණු කාරණා වලට!!! එතකොට ඒ කරුණු කාරණා හැම එකක්ම කියල තියෙන්නේ ඒ කාලෙ භාවිතා වෙච්ච මොකක් හරි 'භාෂාවක්' උපයෝගී කරගෙන!!! ඉතිං ඒ නිසා කෙනෙක් ඒ කියල තියන දේවල් දැනගන්න නම් ඉස්සෙල්ලම තමන් ඒ භාෂාව දැනගන ඉන්න ඕනෙ!!! ඒ භාෂාවෙ තියන වචන වල තේරුම් - ඒ වචන වළින් කියවෙන දේවල් හරියටම දැනගෙන ඉන්න ඕනෙ!!! ඒ විතරකුත් මදි, ඊළඟට ඒ අහල / කියවලා දැනගන්න කරුණු කාරණා නැත්නම් 'ධර්මය' ගැන මොළෙනුත් කල්පණා කෙරුවොත් විතරයි ඒ කියල තියන දේවල් තමන්ට හරියටම දැනගන්න - තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ!!! ඒ කියන්නෙ 'දැනගන්න' ටිකක් නටන්න වෙන.. නැත්නම් ටිකක් නටල (rag වෙලා) දැනගන්න වෙන.. case එකක්!!! !!! !!! 😁 අන්න ඒකයි නිකම්ම නිකම් 'දැනගන්නව' කියන එක වෙණුවට 'අවබෝධ කරගන්නව' කියන මහප්පරාන වචනෙ පාවිච්චි කරල තියෙන්නෙ!!! 😊😊 😄 නැතුව මේ බොළාට පුකවල් ඉරාගන දඟලන්න වෙන මහා බරපතළ වැඩක් කොරගන්න කියලා එහෙම නෙවෙයි!!! !!! !!! 😊😊 😂 හැබැයි බොළල්ල ඔය සංසාරගත සත්වයන්ට රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු ඔක්කොම දැනෙන්නෙ උන්ගෙ භව / electromagnetic fields වල field variations මගින්ය කියන එක නෙවෙයි, උන්ගෙ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ current - කාන්දම් කතන්දරයක්ය කියන එකවත්, බුද්ධ දේශණා අහල කියවලා කොච්චර මොළේ උළුක් වෙනකම් කල්පණා කෙරුවත් සාමාන්‍ය දෙවි මිනිස්සුන්ට අල්ලගන්න පුළුවන් 'සීන් කෝන්ස්' නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😊 අපේ බුදුහාමුදුරුවෝ "විඥාණය නාමරූප ඉක්මවන්නෙ නෑ!! නාමරූප එක්කමයි ඉන්නෙ!!" කියලා උන්වහන්සේ ඒ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත විදිය කියල තියනව. ඒකට අනුව බැලුවම විඥාණය & නාමරූප කියන්නෙත් වෙන වෙනම කවුරුහරි පණ තියන දෙන්නෙක් වෙන්නැති කියල හිතෙනව. 😂 එතකොට අපේ බුදුහාමුදුරුවොම "විඥාණය නාමරූප දිහාවට නැවිල තියෙන්නෙ!!" කියලා විපස්සී බුදුහාමුදුරුවෝ ඒ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත හැටිත් කියල තියනව. ඒ කතාවට අනුව බැලුවම විඥාණය කියන්නෙ මොකක් හරි නවන්න දිගහරින්න පුළුවන් එකක් වෙන්නැති කියල හිතෙනව. 🙃🙃 😂 එතකොට අපේ බුදුහාමුදුරුවෝ "විඥාණය එක ඇඟක් අතහරින්නෙ තව ඇඟක් අල්ලගෙනයි!!" කියලා කියල තියනව. ඒකට අනුව බැලුවම 'Sure! ඒ තමයි ආත්මය!! පුඃ 😋 🤣🤣 ඒක ඇඟකින් ඇඟකට යනව!!' කියල හිතෙනව. 😂😂 ආයි විඥාණය 'චුත වුණොත්' පුනර්භවයක් සිද්ධවෙනව!!! විඥාණය 'නිරුද්ධ උනොත්' පිරිණිවන්පානව!!! කියන එකත් එක්කම බැලුවම විඥාණය කියන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව යනව. 😄 මහා අමුතු අද්භූත මොකක් හරි එකක් වෙන්න ඇති කියල හිතෙනව. 😄😄 😅 ආයි "විජානාති ති කෝ ~ විඥාණන්ති වුච්චති!!' (විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය කියල කියනවා) කියලා අපේ බුදුහාමුදුරුවෝ 'විඥාණය' define කරල තියනව!!! ඒක හිතන්න ගියාම පුක්ස් මැක්ස් වෙනව!!! 🙃🙃🙃 ඔය වගේ තව ගොඩක් ගොඩක් තැන්වල 'විඥාණය' & 'නාම(රූප)' දෙක තියනව. 😁 හැබැයි මළාට ඒ එකකින් වත් 'විඥාණය' කියන්නෙ (electro)magnetic energy එකට!!! 'නාම' කියන්නෙ electric energy එකට!!! කියන එක අල්ලගන්න සාමාන්‍ය දෙවි මිනිස්සු කාටවත්ම බෑ නෙවෙයි භෑෑෑ!!! !!! !!! 😌😌 මොකද, ඒක වෙනමම මාණයක තියන කතාවක්!!! !!! !!! හැමෝටම ගම්‍ය වෙන - හැමෝටම අහුවෙන / දැනෙන / තේරෙන කතාවක් නෙවෙයි, ඒ අංශය / subject එක සම්බන්ධ සුවිශේෂී දැණුමක් තියන උදවියට විතරක් ගම්‍ය වෙන - අහුවෙන - තේරෙන කතන්දරයක්!!! !!! !!! 😌😌 හරියට බුදුහාමුදුරුවෝ මේ රටේ තියන මොකක් හරි පාරක් යොදාගෙන වෙන කොහේ හරි රටක තියන පාරක් ගැන කියලා වගෙයි!!! 😁😊 මේ රටේ පාරෙ තියන මග සළකුණුම ඒ රටේ පාරෙත් තියනව. මේ රටේ පාරෙන් ඇතුළට යන්න පුළුවන් පාරවල් වළින් ගිහිං ගිහිං බැලුවම මෙහෙ තියන විදියටම ඒ රටෙත් තියනව. බුදුහාමුදුරුවෝ ඇත්තටම කියල තියෙන්නෙ ඒ රටේ තියන දේවල් ගැන!!! ඒ රටේ විදිය ගැන!!! 😁😁 😊 හැබැයි ඒවා මෙහෙ ඉන්න අයට අහුවෙන්නෙ - පේන්නෙ - click වෙන්නේ නෑ!!! !!! !!! 😥 😔😔 ඒවා අහුවෙන්නෙ - පේන්නෙ - තේරෙන්නෙ, ඒ රට ගැන දන්න.. ඒ රට හොයාගෙන එහෙට ගිහිල්ල තියන.. ගිහිං එහෙ හොඳට කරක්ගහල තියන.. කෙනෙකුටම විතරයි!!! !!! !!! 🙂🙂 😌 Post එක ඉස්සරහට යනකොට තව හොඳට තේරෙයි මං හිතන්නෙ. 😌😌 ඔතනදි බොළල්ල අන්න ඒ බුදුහාමුදුරුවෝ ඇත්තටම කියල තියන subject එක / අංශය ගැන විශේෂ ඥාණයක් - දැණුමක් තියන කෙනෙකුට බුද්ධ දේශණා අහගෙන කියවගෙන යනකොට ඒ බුදුහාමුදුරුවෝ කියන කතන්දරෙත් එක්ක අර අනික් මාණයේ කතන්දරයේ තියන ගැළපීම ඉව වැටෙනව!!! ☺️ 'පේන්න' ගන්නව!!! ☺️☺️ ඔන්න ඔය 'පේන' එකට තමයි මං අර කිව්වෙ 'සුපිරි දිට්ඨිසම්පන්න බව' කියල!!! !!! !!! 🙂🙂 {බුදුහාමුදුරුවෝ කියාපු 'දිට්ඨිසම්පන්න බව' / දර්ශණ සම්පදාව ඇවිල්ල 'entry level දිට්ඨිසම්පන්න බව'!!! 😌😌 ඒක නැතුව ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න.. 'මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! මට සංසාර පැවැත්මෙන් ලැබිල / උරුමවෙලා තියෙන්නෙ සංසාර මතකයක් විතරයි!! ඒක මගේ නෙවෙයි!!' කියන එක වත් අල්ලගන්න බෑ!!! !!! !!! 😥😥 😌😌} ඒ 'සුපිරි දිට්ඨිසම්පන්න බව' නැතුව නම් මේ ධර්ම මාතෘකාවෙ deep යන්න මෙලෝ යකෙකුට බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😑😑😑 {මට ඒක තිබිච්ච නිසා යාන්තම් බොළාටත් මොකක් හරි කරගන්න පිණ පෑදුනා!!! !!! !!! 😌😌😌 එතනදි මට ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයත් නැතුව ඔක්කොම කරගෙන උඹලටත් ගොඩයන්න හදල දෙන්න පුළුවන් තරමට මහා පුණ්‍යශක්තියක් තිබුණ නිසයි මං 'සුපිරිම සුපිරි දිට්ඨිසම්පන්න' කෙනෙක් කිව්වෙ!!! 😌😌} එතකොට සාරිපුත්ත හාමුදුරුවොන්ගෙ හැකියාවල්.. එයා ඉගෙනගත්තු subjects.. එයා practice කරපු දේවල්.. කොහෙවත් කියවිලා නැහැ නෙව?? වැලි අහුරක් පෙන්නල ඇහුවම වැලි ඇට ගණන ටක්කෙටම කියන ගොං කතාවක් නම් ලෝකෙ පුරාම ඉන්න එවුන් දන්නව. 😂 😄😄 කොහොමහරි ඒ 'උපතිස්ස' ගොයියත් සිරා මීටරයක්!!! මං වගේම full technical minded කෙනෙක්!!! ආනන්න ඒකෙන් ඒ 'මහා ප්‍රාඥ' සාරිපුත්ත මහරහතන්වහන්සේත් මේ ඇත්ත technical කතාව හරියටම අල්ලගෙන - දැනගෙන තිබුණා!!! !!! !!! ඒකෙන් මේ මුළු ගෞතම බුද්ධ සාසනයටම 'ධර්මය' හරියටම දැනගත්ත - තේරුම් ගත්ත අය 3න් දෙනයි!!! බුදුහාමුදුරුවොයි, සාරිපුත්ත හාමුදුරුවොයි, මායි විතරයි!!! !!! !!! ☺️ 🙂🙂 😌😌 හැබැයි බොළල්ල elec - mag සීන් එක අල්ලගත්ත පළියට සත 5ක වත් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ technical පැත්තෙ සීන් කෝන් ඔක්කොම මහා විද්‍යාඥයෝ අල්ලගෙන එළිදරව් කරපුවා... ගණන් හදල හදල ඔප්පු කොරපුවා... දැන් උනත් practically පෙන්නන්න පුළුවන් එව්වා... උනාට, මේ සංසාර කතන්දරේදි technical කතාව බුද්ධ දේශණා එක්ක ගැළපෙන බවක් නොපෙනෙන - නොගැළපෙන - කිට්ටුවෙන් වත් නොයන තැන්වලදි science පැත්තෙන් යන්න ගියොත්, 'විද්‍යාව' ඉස්සර කොරගන්න ගියොත්, වැඩේ එහෙම්පිටින්ම ඤංපචං වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. සමහර තැන්වලදි බුද්ධ දේශණාවත් එක්ක technical කතන්දරය ගැළපෙන්නෙ / සම්බන්ධ වෙන්නේ හිතාගන්න වත් බැරි විදියටයි!!! !!! !!! 😌😌 අන්න එහෙම තැන් වලදි මහා විද්‍යාඥයෝ කියපුවා - ගණන් හදල හදල ඔප්පු කොරපුවා ඔක්කොම කෙළින්ම ඩස්පින් කරලා බුද්ධ දේශණාවත් එක්ක විතරක්ම ඉන්න නම් තමන්ට බුදුහාමුදුරුවොත් එක්ක ආයි 'වචන වළින් කියන්න බැරි super solid connection එකක්'.. 'බොක්කෙන්ම එන' බැඳීමක්.. තියෙන්නම ඕනෙ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! '(ආකාරවතී) ශ්‍රද්ධාව' කියන විශ්වාසය - පැහැදීම MAXAAA තියෙන්න ඕනෙ!!! !!! !!! මට ඒ ශ්‍රද්ධාවත් 'hard coded' විදියට උපතින්ම ලැබිල තිබුණ / තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකයි මේ ඔක්කොම!!! !!! !!! 😌😌😌 ඔන්න ඔය සුපිරි දිට්ඨිසම්පන්න බවයි සුපිරි ශ්‍රද්ධාවකුයි දෙකම එක වගේ උපරිමයෙන්ම තියන මං වගේ එවුන් ලේසියෙන් හැදෙන්නෙ නැති නිසා තමයි "ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න අය නැහැ!! අන්තිම දුර්ලභයි!!" කියලා භාග්‍යවතුන්වහන්සේම කියල තියෙන්නෙ!!! !!! !!! 😌😌 ඉස්සරහට යනකොට ඒ 'දුර්ලභ' කියන්නෙ කොච්චර දුර්ලභද?? කියලත් පෙනෙයි. ඉතිං බොළල්ල ඔන්න ඔය සුපිරි දිට්ඨිසම්පන්න බවයි hard coded සුපිරි ශ්‍රද්ධාවයි නිසාම මං 'ධර්මය' ගැඹුරට ගැඹුරටම හාරගෙන ගිහිල්ලා උඹලගෙ - අපේ හා අනික් සංසාරගත සත්වයන් හැමෝගෙම ජීවිත පිටිපස්සෙන් සිද්ධවෙලා තියන / සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්තම ඇත්ත technical කතාව එහෙම්පිටින්ම ඇල්ලුවා!!! !!! !!! 🙂🙂 ඒ අල්ලපු නිසාම බොළාත් ඇතුළුව මුළු ලෝකෙම එවුන්ට දැන් නිවැරදිව 'ධර්මය' (ස්වභාවධර්මය) ගැන දැනගන්න ලැබුණා / ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 නැත්නම් මේ දේවල් අංශු මාත්‍ර වශයෙන් වත් බොළාට දැනගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒ වගේම මං දැන් ඒ ඇත්ත technical කතාව analyze කර කර බලලා අල්ලගෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව බොළාට බොළාගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමයත් කියල තෝරලා දෙනවා!!! !!! !!! 😌😌 ඒකට අදාළ කරුණු කාරණාත් බුද්ධ දේශණා වලම සඳහන්වෙලා තිබුණත් ඇත්ත technical කතාව දසමෙටම නොදැන ඒවා අල්ලගන්න - තේරුම් ගන්න - ගලපගන්නත් කාටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑 ඒ කියන්නෙ ඉතිං අද මං(අපි) නොහිටියා නම් දැන් ශාස්තෘන්වහන්සේ පිරිණිවන්පාලා අවුරුදු 2570ක් විතර ගතවෙලත් ඉවරයි!!! කරටි කැඩෙන ගාණටම සංසාර අණතුර වැඩිවෙලත් ඉවරයි!!! උඹලට ආයි මේ ගෞතම බුද්ධ සාසනයෙදි නම් මළාට නිවන් යාමක් / පිරිණිවන්පෑමක් නැතිවෙන්නම තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞 😑😑😑 හරි බොළල්ල. 😊 ඊළඟට අපි ඔය සාරිපුත්ත හාමුදුරුවෝ කියල තියන අනික් කාරණා ගැන බලන්න කළින් සත්වයන්ගේ (බොළාගෙ) 'මනස කියන ආයතනවල' ක්‍රියාකාරීත්වය.. 'වින් - නාම mechanisms වල' operation එක.. study කොරල ඉමු. 😊 ☺️☺️ ඒ ක්‍රියාකාරීත්වය ගැන නොදැන ඔය 'ලොකු ලොකු කතා' මොකුත් තේරුම්ගන්න බැහැ. 😌😌 මෙන්න මෙහෙමයි බොළල්ල වැඩසටහනේ පටන්ගැන්ම. බොළල්ල සංසාරගත සත්වයන් ඕනෙම එකෙක් ඇහෙන් දකින දේවල් උන්ගෙ ඔළුගෙඩි ඇතුළට යන්නෙ 'ඇහේ ඉස්පර්ෂ' නැත්නම් electrical signals හැටියට.. කණෙන් අහන දේවල් උන්ගෙ ඔළුගෙඩි ඇතුළට යන්නෙ 'කණේ ඉස්පර්ෂ' නැත්නම් ඒත් electrical signals හැටියට.. නහයෙන් විඳින දේවල් ඔළුගෙඩි ඇතුළට යන්නෙ 'නාසයේ ඉස්පර්ෂ' නැත්නම් ඒත් electrical signals හැටියට.. දිවෙන් විඳින දේවල් ඇතුළට යන්නෙ 'දිවේ ඉස්පර්ෂ' නැත්නම් ඒත් electrical signals හැටියට.. කයෙන් විඳින දේවල් යන්නෙ 'කයේ ඉස්පර්ෂ' නැත්නම් ඒත් electrical signals හැටියට.. අන්තිමට ඒ ගියපු දේවල්ම නැවත නැවත මතක් වෙන්නෙත් 'මනසේ ඉස්පර්ෂ' නැත්නම් ඒත් electrical signals හැටියටම තමයි!!! ආන්න ඒ 'ඉස්පර්ෂයන්' නැත්නම් 'එක එක patterns වල - එක එක frequencies වල - එක එක levels (amplitude / magnitude) වල electrical signals' මගින් තමයි ඊළඟට සත්වයන්ට 'විඳීම්' (වේදනා) ඇතිවෙන්නෙ!!! 'ඵස්ස පච්චයා වේදනා' කියලා ඒක බුද්ධ දේශණාවෙ තියනවා!!! එතකොට පංච උපාදානස්කන්ධ වල කියවෙන 'වේදනා' හැටියට සත්වයන්ට මතක හිටින්නෙත් අන්න ඒ විඳින විඳීම් තමයි!!! හරිය? 🙂🙂 ඕක අද වෙනකම් දැනගෙන හිටියෙ නැති එවුන් ඉන්නව නම් අදවත් දැනගනිල්ලකො. සංසාරගත සත්වයෝ වෙච්ච බොළා හැමෝටම රූප - සද්ද - ගඳ සුවඳ - රස - පහස හා අරමුණු (ධම්ම) කියන දේවල් ඔක්කොම දැනෙන්නෙ / sense වෙන්නේ electrical signals මගින් තමයි!!! !!! !!! ඔන්න ඔය නිසාම බොළා පෙරේත කමට මොනව කෑවත්.. උඩ දාගෙන ගිහිං මොනව බැලුවත් / ඇහුවත්.. සත 5ක වත් වැඩක් නෑ!!! 😝 😂😂 මොකද ඒ හතරමහා ධාතු - හතරමහා ධාතු කතන්දර ඔක්කොම යන්නෙ වෙනම!!! 😁😄 බොළාට ඒ මොකෙන් දැනෙන්නෙත් electrical signals ටිකක් විතරයි!!! !!! !!! 😅😅 හැබැයි මෙතනදි කළින් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු හා චේතනා පහළ කරලා (හිතලා) කරපු - කියපු - හිතපු දේවල් බොළාගෙ ඔළුගෙඩි අස්සෙ තියෙන්නෙ නම් electrical signals හැටියට නෙවෙයි!!! !!! !!! ඒ කළින් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු හා චේතනා පහළ කරලා කරපු - කියපු - හිතපු හැම දෙයක්ම (තමන්ගෙ ජීවිත කාලය තුළදි මේ වෙනකම් එකතුවෙච්ච මතකයන්) උඹලගෙ ඔළුගෙඩි අස්සෙ නැත්නම් memory එකේ තියෙන්නෙ electrical signals හැටියට ආපුවා දිගට දිගට write / record / store වෙනකොට 'ECG එකක් trace වෙනවා / ඇඳෙනවා වගේ වෙලා' හැදිච්ච electrical waves තොගයක් විදියට තමයි!!! අනික් අර බොළාගෙ සංසාර පැවැත්මවල් වලදි මීට කළින් ඉපදිලා හිටපු සත්වයන් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු හා උන් උන් චේතනා පහළ කර කර කරපු - කියපු - හිතපු හැම මගුලක්ම ඔය ඔළුගෙඩි අස්සෙ තියෙන්නෙත් ඒ විදියම electrical waves හැටියට තමයි!!! අළුතෙන් ඇතුළට යන signals ඔක්කොම write / record / store වෙන්නෙත් ඒ විදියටමයි!!! ඊළඟට ඒ store වෙලා තියන electrical waves දිගේ යනකොට / යැවෙනකොට.. ඒ waves follow කරනකොට / follow වෙනකොට.. නැත්නම් ඒ 'මතකයන්' සිහි කරනකොට / සිහි වෙනකොට.. 😉 'audio wave එකක් දුන්නම speaker එක vibrate වෙලා සද්දෙ හැදෙනවා වගේ' ආයිත් ඒ electrical waves වළින් electrical signals හැදෙනවා!!! ඒ නිසා 'ධම්ම' නැත්නම් අරමුණු හැටියට ආයි මනසින් එන්නෙත් electrical signalsම තමයි!!! !!! !!! 😌😌 තේරුණයි?? 😊 Recording එක / storage එක / පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය' විතරක් waves!!! අනික් මුළු operation එකම signals!!! හරිය?? 🙂🙂 හැබැයි ඔය electrical signals සත්වයන්ට දැනෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන්ට දැනෙන්නෙ විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයේ වෙනස්වීම් / field variations විතරයි!!! !!! !!! 😌😌 ඒක දැන් බොළා දන්නව නෙව?? එහෙනං කොහොමද ඒ 'දැනෙන එක' ඇත්තටම සිද්ධවෙන්නෙ?? 🤔🤔 😁 මෙන්න මෙහෙමයි බොළල්ල ඒක සිද්ධවෙන්නෙ. 🙂🙂 අපි ඉස්සෙල්ලම ඔය සත්වයන්ගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන සම්පූර්ණ operation එක තනිකරම 'හොද්දක්' වගෙයි. 😳😳 😂😂 'මනස' එතනදි හොදි හට්ටිය වගෙයි. 😄😄 කියල ගමු. එතකොට මට පැහැදිළි කරන්නයි බොළාට තේරුම් ගන්නයි දෙකටම ලේසියි. 😁😁 ඉතිං බොළල්ල හොද්දකට දෙයක් අළුතෙන් දානකොටම / වැටෙනකොටම ඒක හොඳට පේනවා.. සමහරවිට ඒක ටික වෙලාවක් උඩ පාවෙවිත් තියනවා. එතකම්ම පේනවා.. වගේම, ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් ඉස්පර්ශයක් ඇතිවෙන කොටම.. ඒ devices 5න් මනසට අළුත් electrical signal එකක් add වෙනකොටම.. field variation එකක් ඇතිවෙනවා!!! අන්න ඒ වෙනස්වීම අදාළ රූපය / සද්දය / ගඳ සුවඳ / රස හෝ පහස හැටියට 'සත්වයාට' දැනෙනවා!!! නැත්නම් ඌට ඒ අදාළ රූපය පේනවා. සද්දය ඇහෙනවා. ගඳ - සුවඳ / රස හෝ පහස දැනෙනවා!!! ඒ විතරක් නෙවෙයි, ඇහැ/කණ/නහය/දිව/කය 5න් නැතුව වෙන වෙන සත්වයන් හරහා කෙළින්ම මනසට දේවල් වැටුණත්.. වෙන වෙන සත්වයන්ගෙ මානසික ක්‍රියාකාරීත්වයන් නිසා resonate වෙලා resonate වෙලා ඔළුගෙඩිය ඇතුලෙම තියන wave එකක් හෝ කිහිපයක් boost උනත්.. අන්න එතකොටත් හොද්ද නටනකොට / කැළැත්තෙනකොට ඇතුලෙ තියන දේවල් සැරින් සැරේට හොඳට පේන්න උඩට මතුවෙනවා වගේ වෙනවා!!! ඒත් එක්කම ඒ level වැඩිවෙන waves නිසා field එකත් වෙනස් වෙනවා!!! අන්න එතකොට සත්වයාට ඒ අදාළ දේවල් දැනෙන්න නැත්නම් ඒ මතකයන් සිහිවෙන්න / අවදි වෙන්න.. 'මතක්වෙන්න' ගන්නවා!!! 😁 😌😌 ඒ වගේම හොද්දට එකසැරේ ගොඩක් ජාති දැම්මොත් / වැටුණොත් වැටිච්ච සැණින් යට යන ඒවා බලාගන්න වෙන්නෙ නෑ. පොඩි වෙලාවක් හරි උඩ තියන ඒවා විතරයි බලාගන්න ලැබෙන්නෙ. වගේම, මනසටත් ඇහැ-කණ-නහය~ 6න් එකසැරේ ඉස්පර්ෂ ආවොත් ඔක්කොම 'අච්චාරු' වෙනවා!!! එකක්වත් හරියට දැනෙන්නෙ / දැනගන්න වෙන්නේ නෑ!!! !!! !!! Time අරං වෙන වෙනම මනසිකාර කරලා දැනගන්න පුළුවන් ඒවා විතරයි දැනගන්න ලැබෙන්නෙ!!! මොකද, මනසකට දැනගන්න හැකියාව තියෙන්නෙ වරකට එක variation එකක් විතරයි!!! !!! !!! 😯😯 😌😌 හැබැයි ඉතිං ඇහෙන්-කණෙන්-නහයෙන්-දිවෙන්-කයින් හා මනසින්ම ඇතිවෙන variations ඔක්කොම බොහෝවිට තත්පර දසම දසම ගණන් හරි අල්ලලා හිටින නිසයි, මනසින් ඒවා දැනගන්නෙ වරකට එක බැගින් වෙන වෙනම උනාට ඒක 'විදුළි වේගෙන්' සිද්ධවෙන වැඩක් නිසයි, කාටවත් ඔය 'වරකට එකයි' කතාව තේරෙන්නෙ නෑ!!! 😊 උඹ නොකඩවා පත්තරයක් බලාගෙන බලාගෙන යන ගමන් radio එකේ ප්‍රවුර්ති අහල බලපංකො. 😁 අන්න එතකොට තේරෙයි!!! 😁😁 Radio එකට අවධානය යොමු කරනකොට / කණට අවධානය යොමු වෙනකොට ඇහැ miss වෙනව!!! ඒ ටිකේ පත්තරේ මොනව තිබුණද? දන්නෙ නෑ!!! පත්තරේට අවධානය යොමු කරනකොට / ඇහැට අවධානය යොමු වෙනකොට කණ miss වෙනව!!! ඒ අතරෙ Radio එකේ මොනව ගියාද? දන්නෙ නෑ!!! මොකද, මනසට වේගෙන් සිද්ධවෙන variations දෙක තුනක් එකසැරේ / simultaneously දැනගන්න බෑ!!! !!! !!! වරකට එකයි!!! එකම එකයි!!! 😊😊 ඔන්න ඔය හන්දම තමයි බොළල්ල TV බල බල ඉන්නකොට මදුරුවො කෑවට දැනෙන්නෙ නැත්තෙ.. පන්තියක කතා කර කර හිටියම උගන්නන ඒවා click වෙන්නෙ නැත්තෙ.. ඔක්කොම. 😁😁 මොකද, අවධානයෙන් කරන්න පුළුවන් වරකට එකයි!!! නැත්නම් වරකට focus එක තියාගන්න පුළුවන් එකකට විතරයි!!! ඒත් නැත්නම් එක සැරේකට 'බැහැල කරන්න පුළුවන්' එක වැඩයි!!! දන්නවද ඇයි එහෙම වෙන්නෙ කියලා?? 😁 🤔🤔 ඒකත් බලමු. 🙂🙂 මෙන්න මෙහෙමයි බොළල්ල බොළාගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන ඇත්තම technical operation එක සිද්ධවෙන්නෙ!!! ☺️☺️ උඹල ඇස්වලින් මේ 'අකුරු' බලාගෙන බලාගෙන යන විදියටම 'හිත' කියන මානසික ක්‍රියාකාරීත්වයෙන් මනසේ තියන මොකක්හරි wave එකක් හෝ මොකක් හරි ඉස්පර්ශයකින් එවෙලෙ trace වෙන wave එකක් follow කරගෙන යනකොට... ඒ ඒ කියන්නෙ අවධානයෙන් බලාගෙන යනකොට / බලාගෙන ඉන්නකොට නැත්නම් 'මනසිකාර' කරනකොට... 😉 🙄 😁 ඒකෙන් ඇතිවන magnetic field variation එක මනසටම ආපිට feedback වෙනවා!!! අන්න ඒ feedback එක නිසා බොළා එවෙලෙ ඒ follow කරන wave එකේ level එක (amplitude / magnitude) ඒක follow කරනවත් එක්කම වැඩිවෙනවා!!! ඒ wave එක Real-Time boost / amplify / magnify වෙනවා!!! මනසිකාර කරන හැම cycle එකකදිම A=A+A වෙන එක.. level double වෙන එක.. තමයි එතන apply වෙන theory එක!!! හැබැයි theoretically / පොතේ හැටියට එහෙම සැරයක් මනසිකාර කළාම level double වෙන්න ඕනෙ උනාට මනසට තියන load එක නිසා, ඒකෙ capacity එක තියන waves ඔක්කොටම share වෙලා - බෙදිලා යන නිසා, ප්‍රායෝගිකව එහෙමම වැඩිවෙන්නේ නෑ!!! !!! !!! ගාණකට වැඩිවෙනවා!!! 'මනසිකාර' කරන්න කරන්න තව තව වැඩිවෙනවා!!! අන්න එතකොට ඒ අදාළ wave එක (specific wave) හොඳට level වැඩිවෙලා අනික් ඒවයින් වෙන්වෙලා කැපිල පේන ගානට ඉස්මතුවෙලා එනවා!!! ඒත් එක්කම ඒ specific wave එක නිසා ඇතිවන field variation එකත් හොඳට පැහැදිළිව දැනෙන ගානට වැඩිවෙනවා!!! අන්න ඒ විදියට අවධානය යොමුකරන මොකක් හරි දෙයකට / කාරණාවකට අදාළ wave එකක් කැපිල පේන්න level boost වෙලා ඒකෙන් හොඳ පැහැදිළි field variation එකක් ඇතිවන එක තමයි අන්තිමට සත්වයන්ගෙ.. බොළාගෙ - අපේ හැමෝගෙම.. 'දැනගැනීම' වෙන්නෙ!!! !!! !!! 😁😁 හරිය?? 😌😌 'හිත' නැත්නම් 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්‍රියාවළියෙදි 'ඵස්ස මනසිකාර කළාම වේදනාව ඇතිවෙනවා!!' කියලා ධර්මයේ තියෙන්නෙත් ඔය කතාවම තමයි!!! ☺️☺️ ඉස්පර්ෂ මනසිකාර කළොත් වේදනා ඇතිවෙනවා. ඒ වේදනා හඳුනා ගැනෙනවා. ඒ හඳුනා ගැනීම් අනුව චේතනා පහළවෙනවා. 😌😌 ඉතිං එතකොට බොළාට තේරෙන්න ඇති නෙව, සත්වයන්ට 'දැනගන්නවා' කියන එක හොඳටම කරගන්න පුළුවන් වෙන්නෙ.. නැත්නම් 'දැනෙනවා' කියන එක හොඳටම සිද්ධවෙන්නෙ.. උන් අවධානයෙන් follow කරන / මනසිකාර කරන කරුණු කාරණා සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! Technically මතකයේ තියන හරි එවෙලෙ එකතුවෙන හරි ඕනෙම wave එකක් Real-Time boost වෙන්නෙ - amplify / magnify වෙන්නෙ ඒකටම focus එක සෙට්වුණොත්.. loop උනොත්.. විතරයි!!! !!! !!! උඹලට - අපිට - අනික් සත්වයන්ට කාටවත්ම simultaneously සිද්ධවෙන high speed variations දෙක තුනක් එකසැරේ දැනගන්න බැරි, කතා කර කර නැත්නම් වෙන වෙන කෙහෙල්මල් වලට අවධානය යොමුකර කර ඉගෙනගන්න බැරි එහෙම, අන්න ඒ හන්ද තමයි!!! ☺️☺️ 😌😌 එතකොට බොළල්ල ඔය බොළාට (සත්වයන්ට) 'අතහැරල' ඉන්න... 'ගණන් නොගෙන' ඉන්න... 'උපේක්ෂාවෙන්' ඉන්න... ඒත් නැත්නම් 'මේ මොහොතෙ' ඉන්න... වගේ කුණුහරුප වැඩ කොරන්න පුළුවන්වෙලා තියෙන්නෙත් ඔන්න ඔය සීන් එක නිසාම තමයි!!! 😜 😁 😄😄 උඹ දැනෙන ඒවා මොකක්වත් මනසිකාර නොකර.. ඒවා follow නොකර.. නිකං ඉන්නව. එතකොට මොකද වෙන්නෙ, ඒ එන එන කෙහෙල්මල් ආපු ආපු levels වලින්ම 'හොද්දට' වැටෙනව. 😁😁 එහෙම්මම යට ගිහිල්ල නොපෙනි යනව!!! අනික් ඒවට වැහෙනව!!! ඉස්මතුවෙන්නෙ නෑ!!! ඉතිං බොළාට මොකුත් නැහැ වගේ cool එකේ ඉන්න පුළුවන්. 😁😊 හැබැයි පුතෝ හැමතැනදිම එහෙම කොරන්නත් බැහැ!!! !!! !!! 😁😂 වැඩිය ඕනෙ නෑ, මේ මොහොතෙ ඉන්න එකෙකුට රතිඤ්ඤයක් පත්තුකරල ළඟට දැම්ම නම් ඌ ඒ මොහොතෙම උඩ විසිවෙනව!!! 😂😂 කාගෙන 'මොකුත් නැහැ වගේ ඉන්න' එකෙක් උනත් ගිණිපෙලෙල්ලක් අරං හීණියට පිච්චුවොත් / කට්ටක් අරං ඇන්නොත් ඒ මොහොතෙ ඉඳල බෙරිහන් දෙන්න ගන්නව!!! 😂😂😂 මොකද, උන් මනසිකාර කරල අමුතුවෙන් boost කොරගන්න අවශ්‍ය නැහැ, ඒ එන ඒවා මදි නොකියන්නම එනව!!! 😄😅 Levels 'කණ පැලෙන්නම' තියනව!!! එතකොට කාගෙන හිටියට (ඒ ගැන මෙනෙහි නොකර වෙන දෙයක් මෙනෙහි කර කර හිටියට හෝ 'මොකුත් මෙනෙහි නොකර ඉන්න එක ගැනම' මෙනෙහි කර කර හිටියට) කොහෙත්ම හරියන්නෙ නෑ!!! !!! !!! එවෙලෙ තියන level වැඩිම 'විඳීම' ඒක නම් ඒකට අවධානය ඉබේම යොමුවෙන එක අනිවාර්යයි!!! ඉබේම focus එක සෙට්වෙනව!!! ඉතිං 'පොල්ලෙන් ගැහුව' වගේ දැනෙනව!!! 😅😅 ඇඟේ කැඩිච්ච / බිඳිච්ච / කැපිච්ච / තුවාල වෙච්ච / ඉදිමිච්ච ඒවා තියනකොට, දරුණු හිත් වේදනා - බරපතළ ප්‍රශ්ණ තියනකොට, ඒකම ඒකම ඔළුවට එන්නෙ.. 'හිත' ඒකෙ බැහැගන්නෙ.. ඔන්න ඔය වැඩිම strength එකෙන් තියන signal එක / ඉස්පර්ශය ඉබේම මනසිකාර වෙන සිද්ධිය, ලොකුම field variation එක ඇතිකරන විඳීමට පොඩි පොඩි variations ඇතිකරන විඳීම් ඔක්කොම වැහිල යටවෙලා focus එක / අවධානය ඉබේම ඒ ලොකුම එකට යොමුවීම නිසා තමයි!!! ☺️ 😌😌 එතකොට 'සංඥා' 'වේදනා' දෙක.. නැත්නම් වැඩිම strength එකෙන් තියන signal එක කොහොමත් දැනෙන එකත් - ඒ දැනෙනවත් එක්කම ඒක හඳුණා ගැනෙන එකත් දෙක.. 'මනෝ සංස්ඛාර' වලට අයිතිවෙන්නෙ, automatically - unintentionally සිදුවෙන මානසික ක්‍රියාවන් බවට පත්වෙන්නත් ඒකම තමයි!!! ☺️☺️ 😌😌 හැබැයි ධර්මාවබෝධයෙන් පූර්ණ උපේක්ෂාවට පත්වෙන එක වෙනයි!!! හරිය?? 😌😌 එතකොට "මේ කිසි තේරුමක් නැති වැඩක්!! වැඩකට නැති වැඩක්!!" කියන එක බොක්කටම වැදිල තියන එකෙන් මනසිකාර දිගට දිගට continue වෙන එක ඉබේම නතරවෙනව!!! !!! !!! 'වේදනා' වලට මුළාවෙන හෝ ඇළෙන එක - ඒවත් එක්ක ගැටෙන එක එහෙම්පිටින්ම නැතුව යනව. කොච්චර 'කණ පැළෙන' වේදනාවක් ආවත් කරන්න දෙයක් නැති කමටම "අනිත්‍යයි නේ.. ඉබේම නැතිවෙලා යනව නේ.. දිගටම තියෙන්නෙ නැහැ නේ.." කියලා ඉවසං ඉන්න හැකියාවකුත් ඇතිවෙනව. 😌😌😌 හරි බොළල්ල, ඔන්න කියන්න තියන ඔක්කොම කිව්ව!!! 😁 'වැඩිපුර' ටික නම් කිව්වෙ බකයන්ට හා පඬියන්ට. 😉 ලොහ්.. ලොහ්.. 😅😅 මොකද බොළාට ඔව්ව දැනගන්න වෙන්නෙත් මගෙන්ම විතරයි!!! !!! !!! 😉 ☺️☺️ 😌😌 ඒ වගේම අද මේ කියන සාරිපුත්ත හාමුදුරුවෝ කියාපු කතාවෙ ඉතුරු ටික පැහැදිළි කරන්න ගියාම අවශ්‍යවෙන තව 'පොඩි කාරණාවක්' derive කරගන්න තියෙන්නෙත් ඔන්න ඔය මනසේ සිද්ධවෙන operation එකෙන්ම තමයි!!! ☺️ ඒ මේකයි. දැන් උඹලට පැහැදිළිවෙන්න ඇති නේ සත්වයන්ට දැනගන්න නම්.. 'දැනගන්නවා' කියන වැඩේ හරියට කෙරෙන්න නම්.. 'මානසික ක්‍රියාකාරීත්වය' නැත්නම් 'හිත' කියන එකෙන් මොකක් හරි wave එකක් මනසිකාර කරගෙන කරගෙන යනකොටම ඒක boost වෙවී ඒකෙන් ඇතිවන field variation එක තීව්‍ර වෙන්න ඕනෙ!!! වැඩිවෙන්න ඕනෙ!!! 🙂 හැබැයි එහෙම boost වෙන්නෙ විද්‍යුත් ශක්තිය පැත්තෙන් වෙනස්වෙන එකයි - විද්‍යුත්චුම්බක ශක්තිය පැත්තෙන් වෙනස්වෙන එකයි දෙක loop උනොත්.. දසමෙටම synchronize වෙලා සිද්ධවුණොත්.. විතරයි!!! !!! !!! එකම විදියට එකටම උනොත් විතරයි!!! !!! !!! නැත්නම් waves deform වෙලා... memory corrupt වෙලා... මළ මගුලක් වෙනව!!! 😄😄 ඒ කියන්නෙ ඕනෙම මොහොතක හිතට දැනෙන විද්‍යුත් ශක්තිය, සරළව කිව්වොත් එවෙලෙ follow කරන / follow වෙන මොකක් හරි memory wave එක, එවෙලෙ විඥාණයට දැනෙන 'විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයේ වෙනස්වීමට' නැත්නම් 'magnetic wave එකට' 😉😁 සමාන වෙන්න ඕනෙ!!! !!! !!! තව විදියකට කිව්වොත්, 🙄 ඕනෙම මොහොතක හිතේ තියන දේ = විඥාණයේ තියන දේ වෙන්න ඕනෙ!!! !!! !!! තවත් විධියකට කිව්වොත්, 🙄🙄 'හිත' = 'විඥාණය' වෙන්ට ඕනෙ!!! !!! !!! 😳 😁 😊😊 ඒ වගේම, කොහොමත් ඔය වැඩේ යන්නෙ වරකට එක wave එකක් එක්ක විතරයි බව බොළා දැන් දන්න නිසා, මුළු මතකයම / සම්පූර්ණ පංච උපාදානස්කන්ධයම ඔතනට දාගත්තයි කියලත් මොකුත් කචල් එකක්.. නිකම් waves කවලම් වෙනව වගේ සීන් එකක් එහෙම.. 😄 වෙන්නෙ නැති බවත් බොළාට තේරෙනව ඇති නෙව?? නේද?? 😊 ඉතිං එහෙමනම් 'හිත' = 'විඥාණය' = මතකය / 'පංච උපාදානස්කන්ධය' වෙන්ටත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😁 තව කිව්වොත් 'හිත' = 'විඥාණය' = මතකය / 'පංච උපාදානස්කන්ධය' = 'භවය' වෙන්ටත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😁😁 නැද්ධ?? 😁 😊😊 ඒකම තමයි බොළල්ල ඇත්තම සිද්ධිය!!! 😁😊 මේ ධර්ම මාතෘකාවෙ 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා තියන නානාප්‍රකාර 'නම්' ඔක්කොගෙන්ම කියවෙන්නෙ එකම දෙයක විවිධ ස්වරූපයන් ගැන තමයි!!! 'දෙය' ගත්තොත් එකයි නැත්නම් එකම දෙයයි!!! !!! !!! 😄 😊😊 'සත්වයන්' කියන්නෙම 'සුවිශේෂී සංවෘත පරිපථයක්' (රූප) පදනම් කරගෙන විද්‍යුත් ශක්තියයි (නාම) - විද්‍යුත්චුම්බක ශක්තියයි (විඥාණ => 'වින්' 😉) දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසා හැදිල තියන / හැදෙන කතන්දරයක්!!! !!! !!! හැබැයි ඒ 'වින්' 'නාම' දෙක වෙන් වෙන්ව ගන්න / වෙන් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සත්වයෙක්' කියල කියන්න පුළුවන් වෙන්නෙම ඒ දෙක එකම විදියට එකම ගාණට තියනකම් විතරයි!!! !!! !!! {අපේ බුදුහාමුදුරුවෝ 'වින් - නාම කතන්දරය' අල්ලගත්ත විදිය. 😉🙂} ඒ නිසාම සත්වයන්ගේ ඇඟවල් වළින් 'හිත' / 'විඥාණය' / 'ආත්මය' 😋😂 වෙන් කොරන්න - වෙන්කොරල ගන්නත් භෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 ඒ වගේම ඒ 'සත්වයො' කියන එවුන් ඔක්කොටම තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධයක්'.. නැත්නම් 'වින්' 'නාම' දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීම නිසාම රැඳිල තියන electrical & electromagnetic wave pairs තොගයක්.. විතරයි!!! !!! !!! ඇත්තම ඇත්ත කතාව එච්චරයි. 😌😌 එතකොට මේ ධර්ම මාතෘකාවෙදි 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'භවය' 'කර්ම ශක්තිය' කිය කියා නානාප්‍රකාර නම් වළින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ wave pairs තොගයෙ.. ඒ waves bundle එකේ.. විවිධ ස්වරූපයන් තමයි!!! !!! !!! 😁😊 හරිය?? තේරුණයි?? ☺️☺️ Blog එකේදිත් මේ කරුණු කාරණා මීට වඩා light weight එකකින් මෙච්චරම deep යන්නෙ නැතුව කියවුණා. ඒකෙදි මට ඔය waves bundle එක 'ටින් එකක්' කියල ගත්තොත් ඒ ටින් එකේ උඩ පැත්ත 'හිත' - යට පැත්ත 'විඥාණය' - වටේ ටික 'පංච උපාදානස්කන්ධය' - ටින් එකේ size එක 'භවය' - බර 'කර්ම ශක්තිය' වගෙයි කියලා මරු උදාහරණයකුත් සෙට්වුණා. 😊😊 මං ඒකෙදි කියල ඇති. 😌😌 ඊළඟට බොළල්ලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!" කියලා සත්වයන්ගේ 'හිත්' කියන මානසික ක්‍රියාකාරීත්වයන් සිද්ධවෙන විදිය / ක්‍රමය බොහෝම ලස්සණට - පැහැදිළිව කියල දීල තියනවා!!! උන්වහන්සේ එතනදි ඒ 'අත්තෙන් අත්තට පැන පැන යන' කතාවෙන් කියල තියෙන්නෙත් අර සාරිපුත්ත හාමුදුරුවෝ "ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!!" කියලා කියල තියන කාරණාව සම්බන්ධවම තමයි!!! !!! !!! ☺️☺️ ඒ නිසා අපි දැන් ඒ බුදුහාමුදුරුවෝ කියල තියන කතන්දරේ ගැන බලමු. 🙂🙂 බොළල්ල භාග්‍යවතුන්වහන්සේ එතනදි 'වඳුරට' උපමා කරල තියෙන්නේ 'විඥාණය' = 'හිත' 😊 නැත්නම් බොළා දැන් මේ ලියල තියන ඒවා කියවගෙන කියවගෙන යනකොට 'එවෙලෙ බැලෙන තැන'.. Marker එක / Pointer එක / Computers වලදි නම් Control එක මොකක්හරි එක.. 😁 වගේම, මතකයන් නැත්නම් memory waves දිගේ බලාගෙන බලාගෙන යන / waves follow කරගෙන කරගෙන යන 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' කියන මානසික ක්‍රියාවලියෙන් 'එවෙලෙ මනසිකාර කෙරෙන තැන'.. එවෙලෙ මනසිකාර කෙරෙන point එකයි!!! !!! !!! 😁 😊😊 රේල් පීළි දිගේ යන කෝච්චියක ඉස්සරහම රෝදයක් නැත්නම් Vinyl Record එකක grove එක දිගේ දුවන stylus එකක් / needle එකක් මොකක් හරි මතක්කර ගනිල්ලකො. ඒ විදියම තමයි. 🙂🙂 ඒ කතාවෙ සංකීර්ණ කොටස එච්චරයි. ඉතුරු ඔක්කොම ඕනෙම පොඩි එකෙකුට උනත් තේරෙන තරමටම සරළයි. දැන් බොළා දන්නවනේ ඇහෙන්/කණෙන්/නහයෙන් ~ මොකෙන් ඇතුළට යන්නෙත් electrical signals බව?? අන්න ඒ signals හැම එකක්ම 'වින් - නාම mechanisms' වල write / record / store වෙනකොට එක එක frequencies වල - එක එක levels වල wave patterns හැදෙනවා!!! නැත්නම් නානාප්‍රකාර wave patterns generate වෙනවා!!! 😉😁 අපි එක එක පාටවල් - හැඩවල් හැටියට... එක එක සද්ද හැටියට... එක එක ගඳ සුවඳවල් හැටියට... එක එක රසවල් හැටියට... එක එක පහසවල් හැටියට... එක එක ස්වභාවයන් - ගතිලක්ෂණ හැටියට... අඳුනගන්නේ (සංඥා) අන්න ඒ නානාප්‍රකාර wave patterns තමයි!!! !!! !!! 😉☺️ 😊😊 ඒ වගේම පංච උපාදානස්කන්ධ වල 'වේදනා' කියලා දක්වලා තියෙන්නෙත් අන්න ඒ wave patterns තමයි!!! !!! !!! ☺️☺️ හරිය? 😌😌 එතකොට බොළල්ල උඹලගෙ - අපේ හා අනික් සංසාරගත සත්වයන් ඔක්කොගෙම ඔළුගෙඩි අස්සෙ තියන තරමක් තියෙන්නෙත් ඒ විදියට සංසාර පැවැත්මවල් පටන්ගත්ත කාලෙ ඉඳලාම සැරින් සැරේට 'මොකක්හරි ජාතියක ආයතන සෙට් එකකින්' 🙄 😁 signals ඇතුළට ගිහිල්ල ගිහිල්ලම write / record / store වෙච්ච 'wave කෑලි' තොගයක් තමයි!!! !!! !!! 😊😊 😌😌 'Wave කෑලි' කිව්වෙ, ඇත්තටම ඒවා write / record / store වෙන්නෙ 'ඇහැට' එක දිගට focus එක සෙට්වෙලා තියනකම් ඒකෙන් එන ඒවා වැලට write වෙලා wave එකක් හැදෙනව.. ඒකෙන් කණට/නහයට ~ මොකකට හරි මාරුවෙච්ච ගමන් (device switch වෙච්ච ගමන්) කළින් wave එක end වෙනව.. එතන ඉඳල ඒ device එකට focus එක සෙට්වෙලා තියනකම් ඒකෙන් දිගට දිගට එන ඒවා ලියවිලා තව wave එකක් හැදෙනව.. ආයි device switch වෙච්ච ගමන් ඒක ඉවරයි.. වෙන එකක් පටන්ගන්නව.. ~~ විදියට තමයි!!! ඉතිං තියන තරමක් තියෙන්නෙ 'wave කෑලි' නැත්නම් 'memory segments' තමයි!!! ☺️ 😁😁 තනිකරම 'කැඳ හැළියක්' වගෙයි. 😄😄 ඒත් ඒ segments memory එකට add වෙච්ච විදිය - අවස්ථාව - එවෙලෙ තමන් හිටිය තැන - එවෙලෙ සිදුවෙච්ච සිදුවීම් නිසා හරි, වෙන මොකක්හරි කාරණාවක් නිසා හරි, මොකුත්ම නැත්නම් add වෙච්ච දවස අනුව හරි, ඒවා අතරෙ සම්බන්ධයකුත්.. linkage එකකුත්.. ඒවා write / record / store වෙද්දිම ඇතිවෙනවා!!! හැදෙනවා!!! අනික මොකක්හරි දෙයකට / කාරණාවකට / සිදුවීමකට අදාළ memory segments ගත්තම ඒවා එකම වෙලාවෙ write / record වෙන නිසයි.. ගොඩක් වෙලාවට එක සැරේටම මතක්වෙන / recall වෙන එක නිසයි.. ඒවයි levels උනත් එකම මට්ටම් වල maintain වෙනවා. ඒ නිසා ඒවා නැවත මතක්වෙන / මතක් කරගන්න එකට කිසි බාධාවක් වෙන්නේ නෑ!!! !!! !!! මොකක් හරි segment එකකින් මතක්වෙන්න පටන්ගත්ත ගමන්.. memory එකක් trigger වෙච්ච ගමන්.. එතන ඉඳලා segment එකින් එක වැලට chain වෙවී chain වෙවී මතක්වෙලා එනවා!!! Recall වෙනවා!!! 😁😊 හරිය?? 🙂🙂 ඒ වගේම බොළල්ල ඔය එකතුවෙන 'wave patterns වල' සිද්ධිය තියෙන්නෙ, බැරි වෙලාවත් එවෙලෙ add වෙන signal එකකින් හරි බාහිර සත්වයන්ගේ බලපෑමෙන් හරි ඒ 'pattern එකක්' recall / refresh වෙන්න යෙදුණොත්... level boost වෙන්න ගත්තොත්... ඒක wave segments එකකට - දෙකකට - හෝ කිහිපයකට සීමා වෙන්නේ නෑ!!! !!! !!! 😯😯 Memory bank එකේ ඒ same pattern එක තියන wave segments කෝටි තුනහමාරක් තිබුණොත් 😳😳 ඒ segments ඔක්කොගෙම තියන ඒ specific pattern එකට අදාළ කොටස් ඔක්කොගෙම levels ඒවයි ඒ වෙනකොට තිබ්බ levels double වෙවී double වෙවී වැඩිවෙන්න ගන්නවා!!! කියමු 'හොද්ද කැලැත්තිලා අල කෑලි තියන ඒවා උඩට මතුවෙන්න ගත්ත' කියල. 😁😁 ලොකු ලොකු අල කෑලි උඩටම මතුවෙනව. තරමක අල කෑලි ගාණකට උඩට මතුවෙනව. පොඩිම අල කෑලිත් චුට්ට චුට්ට හරි උඩට මතුවෙනව. 😁😄 😌😌 එතකොට ඒ මතුවෙනවත් එක්කම ඒවා පේන්න ගන්නවා වගේම memory bank එකේ identical pattern එක තියන wave 'portions' {wave segments වල අදාල pattern එක තියන කොටස්} boost වෙනකොටත් field variations හරහා විඥාණයට දැනෙන්න ගන්නවා. හරිය? 🙂🙂 හරි! ඔන්න දැන් තමයි බොළල්ල අර 'වඳුරු සීන් එක' නැත්නම් 'අත්තෙන් අත්තට පනින' කතාව එන්නෙ. 😁😉 Click වෙන්නෙ නැද්ද මොකද්ද කියල?? 😁😁 මෙහෙම නේ බොළල්ල වෙන්නෙ. මතක් උනේ 'අල' මයි කියමුකො. 😄 එතකොට උඩට එන / මතුවෙන 'අල කෑලි' ඔක්කොම එකයි - සමානයි නිසා අල කෑල්ලෙන් කෑල්ලට 'පනින්න' පුළුවන් වෙනවා!!! 😁 නැත්නම් 'අල කෑලි' = same wave patterns හරහා memory segments cross කරන්න පුළුවන් වෙනවා!!! 😁😊 ඒ කියන්නෙ සමාන pattern එක තියන තැන්වලදි 'පීළි මාරුවෙන්න' පුළුවන්!!! එක wave එකක් follow කරගෙන ආව 'මනසිකාරය' (Marker එක / Pointer එක නැත්නම් Control එක) වෙන wave එකකට සෙට්වෙන්න පුළුවන්!!! ඒ වගේම ඒක අවධානයෙන් / උවමණාවෙන් 'පනින' එකක් වගේම unintentionally / ඉබේම 'පැනෙන' එකක් වෙන්නත් පුළුවන්!!! !!! !!! 😌😌 ඒ කොහොම උනත් එතකොට 'හිත' කියන එකට නැත්නම් 'මානසික ක්‍රියාකාරීත්වයට' යම් දෙයක් දැනීගෙන දැනීගෙන ආව එක නැතුව ගිහිල්ලා ඒ හා සම්බන්ධ වෙන දෙයක් දැනෙන්න ගන්නවා!!! හරියටම කිව්වොත් මතකයන් combine / link වෙනවා!!! !!! !!! 😌😌 යම්කිසි 'පොරකට' ඇහෙන් අල වල මිල දැකල උඩ ගියපු මතකයක් තියනව. 😂 නහයෙන් අල තෙල්දාපු කෑම සුවඳකුයි - කුණුවෙච්ච අල වල ගඳයි මතකයන් 2ක් තියනව. දිවෙන් අල කිරට උයල රහයි - තෙල්දාල රහයි - අල chips වල රහයි 3ක් තියනව. කණෙන් අල chips කනකොට එන සද්දෙ තියනව. එහෙම එහෙම අල සම්බන්ධ මතකයන් ගොඩක් තියනව කියමුකො. 'අල' හරහ ඒ memories ඔක්කොම combine වෙනකොට පොර අල පිළිබඳ විශේෂඥයෙක් වෙනවා!!! 🙃🙃 😁 බොළල්ලා බුදුහාමුදුරුවෝ 'වඳුරෙක්' උපමා කරලා කිව්වෙත්, සාරිපුත්ත හාමුදුරුවෝ 'ප්‍රගුණ කරන්න' ඕනෙ දෙයක් කියලා කිව්වෙත්, ඔන්න ඔය සමාන patterns තියන තැන් අල්ලලා memory waves එකකින් තව එකකට 'jump කරන්න' තියන හැකියාව තමයි!!! !!! !!! 😌😌 සත්වයන්ගේ 'ප්‍රඥාව' කියන්නේ අන්න ඒ හැකියාවට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 මූළිකම අවස්ථාවෙදි ඒ 'ප්‍රඥාවෙන්' වීදුරු වළින් හදපු දෙයක් බිඳෙනව දැකපු මතකයක් තියන කෙනෙකුට ඕනෙම වීදුරු වළින් හදපු දෙයක් අතට දුන්නොත් ඒක බිම අතෑරලාම බලන්න ඕනෙ වෙන්නේ නෑ. 😜😄 බිම වැටුණොත් සුං බව අවබෝධ වෙනවා!!! 😄😄 😂 ප්ලාස්ටික් උණුවෙනවා දැකල තියන කෙනෙකුට ප්ලාස්ටික් වළින් හදපු ඕනෙම දෙයක් උණුවෙන බව අවබෝධ වෙනවා!!! ඒ වගේම ගින්දරට පිච්චිලා තියන කෙනෙකුට පොඩි එකෙක් ගින්දර එක්ක සෙල්ලං කරනවා දැක්කොත් ඉක්මණට ඒ පොඩි එකාව එතනින් අයින් කරන්න ඕනෙ බව අවබෝධ වෙනවා. එහෙම නැත්නම් ගින්දර එක්ක සෙල්ලං කර කර හිටපු පොඩි එකෙක් බෙරිහන් දෙනව ඇහුණොත් ඌ පුච්චගෙන බව අවබෝධ වෙනවා!!! 😄😅 ඒ වගේම ඔය විදියට 'first time click වෙන' දේවලුත් ඊළඟට 'විඥාණ' නැත්නම් 'දැනගත්තු දේවල්' හැටියට සත්වයන්ගේ මතකයන්ටම / පංච උපාදානස්කන්ධ වලටම එකතු වෙනවා!!! 😉 ☺️☺️ එතකොට උන්ගෙ 'දැණුම' / අවබෝධ මට්ටම දියුණු වෙනවා!!! උන් develop වෙනවා!!! එහෙම දියුණු වෙන්න දියුණු වෙන්න waves වල තියන සමානතා හා අසමානතා ප්‍රමාණයන් අනුව jump කළයුතු memory segments (අදාළ memories) හා නොකළ යුතු ඒවා (අදාළ නැති memories) select වෙන - filter වෙන ගතියත් ඇතිවෙනවා!!! !!! !!! 😌😌 ඒ විදියටම යම් දෙයක් / සිදුවීමක් වෙන්න පුළුවන් සම්භාවිතාවය - නොවෙන්න පුළුවන් සම්භාවිතාවය (possibility / probability) අවබෝධ වෙන්නත් ගන්නවා!!! !!! !!! ☺️ 😌😌 එතකොට ඒ mental operations ඔක්කොගෙම 'යටින් යන්නේ' තාවකාලිකව memory waves store කරගන්න / 'cache කරගන්න' විදුළි වේගෙන් virtual circuits arrange වෙන - partition වෙන - discard වෙන හෙණ දඩාර් complex technical කතන්දරයක් තමයි!!! 😉 ☺️☺️ 😌😌😌 එතනදි නානාප්‍රකාර සත්ව වර්ගවල සත්වයන්ගේ 'බුද්ධිමත් කම' / intelligence තීරණය වෙන්නේ උන්ට අන්න ඒ විදියට wholesale එකේ virtual circuits arrange වෙන්න ඇති තරම් brain cells තියන මොළ හම්බවෙන තරමට / උන්ගෙ මොළ complex වෙන තරමට තමයි!!! ☺️☺️ 😌😌 වැඩිම 'මනුස්ස' කියන එවුන්. ඊළඟට dolphin - අලි - බල්ලො - පූසො - ගිරව් වගේ එවුන්. ඒත් ඒ 'ලොකු ලොකු කතන්දර' මේ කරන වැඩේට අවශ්‍ය නෑ!!! !!! !!! 😑😑😑 ඉතිං එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ දෙවැනියට කියාපු කාරණාව.. "ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!!" කියන එකෙන් කියන්නෙ බොළල්ලා, දැන් ඔය වීදුරු නම් බිඳෙන බව.. ප්ලාස්ටික් නම් උණුවෙන බව.. ගින්දර නම් පිච්චෙන බව.. වගේ සුළු සුළු දේවල් අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් මහා ලොකුවට නටන්න දෙයක් නෑ!!! එව්ව සුළු සුළු දේවල්. සාමාන්‍ය ජීවිතයෙදි අහල - දැකල - විඳලා බහුල වශයෙන් එකතුකරගන්න පුළුවන් මතකයන් නැත්නම් 'common sense'. 😌 ඒ memory segments එකක් දෙකක් අතරෙ cross වෙච්ච ගමන් ඒ memories combine වෙලා අවශ්‍ය දේ අවබෝධ වෙනවා!!! 🙂 හැබැයි ඒ වුණාට පුළුල් පරාසයක් පුරා පැතිරෙන සංකීර්ණ මාතෘකාවලදි එහෙම memory segments 2-3ක් cross කරලා වැඩේ කරගන්න බෑ!!! !!! !!! වඳුරගෙ උදාහරණෙන්ම කිව්වොත් වඳුරට මේ පොඩි අඩි ගාණක දුරක් පනින්න නම් අතු 2-3ක් තිබුණම හොඳටම ඇතිවුනාට කිලෝමීටරයක් විතර දුර පනින්න අතු 2-3ක් තිබිලා හරියන්නෙ නෑ!!! එතකොට 'එක අත්තක' ඉඳල 'අනික් අත්තට' බස් හෝල්ට් දෙක තුනක දුර හිටිනව!!! 😄😄 වඳුරට බස් එකේ යන්න වෙනව!!! 😂😂 'පනින්න' බෑ!!! 'පැන පැන යන්න අවශ්‍ය නම්' ඉස්සෙල්ලාම අදාළ ප්‍රදේශය පුරා අත්තෙන් අත්තට පනින්න පුළුවන් වෙන ගාණට 'ගස් හිටවලා' හදාගන ඉන්න වෙනවා!!! 😁😁 🙄 ඒ කියන්නේ, පුළුල් පරාසයක් පුරා පැතිරිච්ච සංකීර්ණ මාතෘකාවල් අවබෝධ කරගන්න නම් ඉස්සෙල්ලාම ඒ මාතෘකාවට අදාළ - ඒ subject එක ගැන ලියවිලා තියන පොත් පත් කියවලා කියවලා කියවලා.. කරුණු හදාරලා.. 'දැණුම' ගොඩනගාගෙන, 'දැණුම' = කරුණු / data නැත්නම් 'මතකයන්' ගොඩගහගෙන, 😉 ඒ මාතෘකාවට අදාළ memory segments හරහා 'පනින්න පුළුවන් හැකියාව' හදාගන්න - වැඩිකරගන්න වෙනවා!!! !!! !!! 'ප්‍රඥාව' = 'memory segments අතරෙ cross කරන්න තියන හැකියාව' වැඩිකරගන්න ඕනෙ එකක්.. 'ප්‍රගුණ කරන්න ඕනෙ දෙයක්'.. කිව්වේ අන්න ඒකයි!!! 😁 🙂🙂 😌😌


No comments:

Post a Comment

◄ කලින් ලිපිය යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලිය...